දුම්රිය දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ සේවකයින් රැසක් අද (31) විශ්‍රාම යාමට නියමිත බව වාර්තා වේ.

මේ හේතුවෙන් දුම්රිය ස්ථාන රැසක ගමනාගමනයට බාධා එල්ල වන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.

යම් ගැටලුකාරී තත්ත්වයක් මතුවුවහොත් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය රැකියාවෙන් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව කසුන් චාමර මහතා දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාට දන්වා ඇත.