නව අභියෝග රැසක් මධ්‍යයේ ශ්‍රී ලාංකිකයන් ඇතුළු ලෝකවාසී ජනතාව 2023 නව වසර පිළිගැනීමට සූදානමින් සිටිති.

කෙසේ වෙතත්, විදෙස් වාර්තා සඳහන් කළේ, 2023 නව වසර දැනටමත් නැගෙනහිර අන්තයේ පිහිටි ක්‍රිස්මස් දූපතට උදාවී ඇති බවයි.

ඉන් අනතුරුව කිරිබති දූපත්වලට නව වසර උදා වූ අතර නවසීලන්තයට 2023 නව වසර උදා වූයේ අද පස්වරුවේයි.

මීට ටික වේලාවකට පෙර නව වසර ඕස්ට්‍රේලියාවට පැමිණි අතර ඔවුන් එය මහත් උත්සවශ්‍රීයෙන් සැමරූ ආකාරය විදෙස් වාර්තා සඳහන් කර තිබුණා.