ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සතු ගබඩාවල සහල් සංචිත නොමැති බව වාර්තා වේ.

එහි කොමසාරිස් ජනරාල් උපුල් ශාන්ත ද අල්විස් මහතා පැවසුවේ දැනට රජයේ ගබඩාවල ඇත්තේ ශ්‍රී ලංකාවට ආධාර වශයෙන් ලැබෙන ආහාර සංචිත පමණක් බවයි.

ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් වසරකට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක සහල් සංචිතයක් පවත්වාගෙන යාම ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වගකීමක් වුවද වසර ගණනාවක සිට රජයේ ගබඩාවල එවැනි සුරක්ෂිත තොගයක් පවත්වාගෙන ගොස් නොමැත.

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් නිකුත් කළ විගණන වාර්තාවක ද මේ බව සඳහන් කර ඇත.