බිත්තර මිල අඛණ්ඩව ඉහළ යාම පාලනය කිරීම සඳහා ඉන්දියාවෙන් හෝ පාකිස්ථානයෙන් බිත්තර ආනයනය කළ යුතු බවත් එසේ නොවුනහොත් පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය. තවද බිත්තර ආනයනය කළහොත් බිත්තරයක් රුපියල් 30 ත් 32 ත් අතර මිලකට අලෙවි කළ හැකි බවද සඳහන් කළේය.