හිටපු 16 වන බෙනඩික් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී තිබෙනවා. රෝගී තත්ත්වයක් හේතුවෙන් වතිකානයේ උන්වහන්සේගේ නිවසේ දී ස්වර්ගස්ථ වන විට බෙනඩික් පාප් වහන්සේ 95 වන වියෙහි පසු වූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. 1927 වසරේ අප්‍රේල් 16 වනදා ජර්මනියේදී උපත ලැබූ උන්වහන්සේ 2005 වසරේ සිට 2013 දක්වා පාප් වහන්සේ ලෙස කටයුතු කළා.