මොණරාගල දොඹගහවෙල ප්‍රදේශයේ සිදුවූ එම අපරාධය සම්බන්ධයෙන් ප්‍රදේශයේ විහාරස්ථානයක චීධාරියෙකු ඇතුළු 04 දෙනෙකු දොඹගහවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ජා-ඇළ ප්‍රදේශයේ පදිංචි එම දැරිය පාසල් නිවාඩු කාලය දොඹගහවෙල ප්‍රදේශයේ පදිංචි සිය නැන්දනියගේ නිවසට පැමිණ ඇති අතර එම කාලසීමාව තුළදී මෙම සිදුවීම සිදුවී ඇති බවට මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

සිය මිත්තනිය සහ නැන්දනිය සමගින් විහාරස්ථානයට ගිය අවස්ථාවකදී ඔවුන් දෙදෙනාගේ සහය ඇතිව අදාළ චීධාරියා විහාරස්ථානයේ දී මෙම දැරියට ලිංගික අතවරයක් ඇති බව අප වාර්තාකරු සටහන් කර ඇත.

ඊට අමතරව එම චීවරධාරියාගේ සහෝදරයෙකු ද දැරියගේ නැන්දනියගේ නිවසටම ගොස් දැරියට ලිංගික අතවර සිදුවී ඇති අතර සිදු කළ පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දොඹගහවෙල පොලිසියට ලද තොරතුරක් අනුව මෙම සිදුවීමට සම්බන්ධ චීවරධාරියා, ඔහුගේ සහෝදරයා සහ මෙම අපරාධයට අනුබල දුන් නැන්දනිය සහ මිත්තනිය ද අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් මොණරාගල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දොඹගහවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් ඉදිරි විමර්ශන සිදු කරයි.