2023 වසර සඳහා රාජ්‍ය සේවාවේ ගුණාත්මක සේවාවක් ලබා දීම වෙනුවෙන් සේවා ප්‍රතිඥාව ලබාදීම අද (02) උදෑසන සිදු කෙරුණා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ දී ප්‍රතිඥාව ලබාදීමේ අවස්ථාවට රාජ්‍ය පරිපාලන ලේකම් නීල් බණ්ඩාර හපුහින්න ඇතුළු පිරිසක් එක්ව සිටියා.

එහිදී අදහස් දැන් වූ රාජ්‍ය පරිපාලන ලේකම් නීල් බණ්ඩාර හපුහින්න පැවසුවේ, සමහර වෘත්තිය සමිතිවල මතය වන්නේ රාජ්‍ය සේවාවේ දිශානතිය ඔවුන් විසින්ම නිගමනය කරන බවයි.

එමෙන්ම, මුළු දවසම සමාජ මාධ්‍ය ජාලාවල සැරිසන්නේ නොමැතිව සියලු දෙනා සේවයේ යෙදෙන ලෙසත්, පෞද්ගලික අංශයේ මෙන් ජංගම දුරකථනය ලොකර් එකේ දමා යන මට්ටමකට රාජ්‍ය අංශය ද ගෙන නොයන ලෙසත් සේවකයින්ගෙන් ඉල්ලා සිටි රාජ්‍ය පරිපාලන ලේකම්වරයා පැවසුවේ අවශ්‍ය වුවහොත් ක්‍රලේඛයක් ගෙන ඒමටද පියවර ගැනිමට හැකිවක් පවතින බවයි.