ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ විදුලි ගාස්තු වැඩිවීමට සාපේක්ෂව ජල ගාස්තු ද වැඩි කිරීමට සිදුවන අතර ජල සැපයුම සඳහා විශාල විදුලි ප්‍රමාණයක් වැය වන බවයි.

පානීය ජලය බෙදා හැරීමේ දී පොම්ප කිරීමේ ක්‍රියාවලියට විශාල විදුලි ප්‍රමාණයක් අවශ්‍ය වන බැවින් විදුලි ගාස්තු වැඩි කළහොත් ඊට අනුරූප ජල ගාස්තු ඉහළ යාම වැළැක්විය නොහැකි බවත් විදුලි ගාස්තු වැඩි කළහොත් ජල ගාස්තු ඉහළ යාම වැළැක්විය නොහැකි බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.