පාසල් පරිශ්‍ර ජල නාස්තිය (අපතේ යෑම) සිදුවන ප්‍රධාන ස්ථානය ලෙස හඳුනාගෙන ඇතැයි ජාතික ජලසම්පාදන  හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඊට පසු වැඩිම ජල නාස්තිය සිදු වන්නේ පූජා භූමිවල ජල සැපයුම් මාර්ගවලිනි.

මීළඟට ජල නාස්තිය සිදුවන ස්ථාන ලෙස රජයේ කාර්යාල සහ ආගමික ස්ථාන හඳුනාගෙන ඇතැයි  ජාතික ජල ජලසම්පාදන  හා ජලාපවහන මණ්ඩලයේ  අතිරේක සාමාන්‍යාධිකාරී  (අයකිරීම්) ඒකනායක වීරසිංහ මහතා පැවසීය.

පාසල් සහ පූජා භූමිවලට ජල සැපයුම නොමිලේ සිදු කෙරෙන හෙයින් ජල නාස්තිය මෙසේ වැඩියෙන් සිදුවන බව පෙනී ගොස් ඇතැයිද  ඔහු සඳහන් කළේය.

ජලය අපතේ යෑම නිසා මණ්ඩලයට වාර්ෂිකව රුපියල් කෝටියකට වැඩි මුදලක් අහිමිවන බව  එහි ආරංචි මාර්ගවලින් පැවසේ.