ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන පරිදි 2023 වසර අවසන් වන විට රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට සහ ගැටලු විසඳීමට නව ක්‍රමවේදයන් හඳුන්වා දෙමින් මුළු රජයම එකම යාන්ත්‍රණයක් ලෙස ක්‍රියා කළ යුතු බවයි.

ජනාධිපතිවරයා මේ බව ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති විශේෂ වැඩසටහනකට එක්වෙමින් සඳහන් කර ඇත.

ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින්,

"තමන්ගේ වැඩකටයුතු දවසේ පැය 8කට සීමා වෙන්නේ නැහැ. තමන්ගේ වැඩකටයුතු සතියේ දවස් 5කට සීමා වෙන්නේන නැහැ. 2023 අවසන් වන විට මේ රටේ සාමන්‍ය තත්ත්වයක් ඇතිකරමු කියලා බලාපොරොත්තුවෙන් ඔබ සියලුදෙනාගේ සාහයෝගය ඇතිව මේරට ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා."