පසුගිය වසරේ පකිස්ථානයේ සිට ඉන්දියාවට මත්ද්‍රව්‍ය, මුදල්, ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය රැගෙන ඒමට තැත් කළ ඩ්‍රෝන යානා 22ක් ඉන්දීය දේශසීමා හමුදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.


එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 316කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.


දේශසීමා වැටලීම්වලදී ගිනි අවි 67 ක් සහ පතොරම් 850 ක් ද ඉන්දීය දේශසීමා හමුදාව භාරයට ගෙන ඇත.


දේශසීමා ආරක්‍ෂක හමුදාව විසින් පකිස්‌තාන ජාතිකයන් දෙදෙනකු ඝාතනය කළ අතර පසුගිය වසරේ විවිධ සිදුවීම්වලදී පාකිස්තාන ජාතිකයන් 23 දෙනකු අත්අඩංගුවට ගත් බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.